“මට පින්ඩපාතය වඩින්න පහසුකම් සළසා දෙන්න”

අති පූජ්‍ය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේට දසතින් දානය සඳහා ඇරයුම් ගලා එද්දී ස්වාමීන් වහන්සේ සංවිධායක භවතුන්ගෙන් ඉල්ලා සිටියේ එපමණයි.

හිමිදිරි උදෑසන, පාවහන් නොරැඳි දෙපා මේ මෙල්බන් පුර වීදී හරහා පාද සංචාරයේ යෙදුනේ, මග දෙපස දන් පූජාවේ යෙදුනු සුවහසක් බැතිමතුන් පමණක් නොව, ඒ සිල්වත්, කාරුණික යෝගාවචර බුදු පුතුන්ගේ පාද ස්පර්ශය ලැබු අජිවී මහ මගත්, චාමර සැලූ ගස් කොලන් පවා ආශීර්වාද ලබන්නට වරම් ලබමිනි.

“පින්වතුනි, මම පින්ඩපාතය වඩින්නේ මා වෙනුවෙන් නොවේ, ඔබ වෙනුවෙන්”

කාරුණික ස්වාමීන් වහන්ස, ඔබගේ සිල්වත් භික්ශු ජීවිතයේ පින්බර මහිමයෙන් අප සිත් පහන් කිරීමෙන් නොනැවතී, ඔබ වහන්සේට මෙළෙසින් අප සිය දහසකට දන් පිළි ගැන්වීමට ඉඩ හසර විවිර කළ පිනෙන්, ඔබ වහන්සේ පතන නිර්වාණ ශාන්තිය ඔබ වහන්සේට නුදුරේම ලැබේවා!

Video