
තාරකා විද්‍යාව සහ භෞතික විද්‍යාව හරහා යථාර්ථය සොයා යන යෞවනයෙකුගේ සිට ශ්‍රී ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සරණ ගිය ඒක විහාරී තපස් භික්ෂුවක් දක්වා වු උන්වහන්සේගේ ගමන් මග තථාගත ධර්මයේ පරිවර්තනීය බලය පිළිබිඹු කරන්නා වූ ප්රශස්ත නිදසුනක්ම ය.
සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්වකීය ජීවිතයට එකතු කරගත්තා වූ ත් උත්තම තපස් දිවියක් ගත කළා වූත් ජර්මන් ජාතික ඤාණවිමල ස්වාමීන්වහන්සේ වැනි කල්‍යාණ මිත්‍ර සම්පත්ති ඇසුරක් ජීවිතයක් මුළුමනින්ම පරිවර්තනය කිරීමට ඇති හැකියාවද සිය ජීවිතයෙන් පූර්වාදර්ශ කෙරෙන්නේම ය.
අති පූජනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේ අද දු ඒක විහාරීව උතුම් තපස් දිවියක් ගත කරන අතරතුර ලොව පුරා සිටින ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු වදන සොයා යන උත්තම පිරිසට බුදුරජාණන් වහන්සේගේ සදාකාලික වූ ප්‍රඥාවට ප්‍රවේශ වීමට උපකාරී වන සූත්රගත දේශනාවන් සිය ජීවිත තුළට එකතු කර ගැනීමට අවශ්‍ය පදනම සද්ධර්මධාරා දේශනා සහ භාවනා වැඩසටහන් මගින් සකස් කර දෙන්නේ ය.
පූජ්‍යපාද ඤාණාලෝක හිමියන් අතිගාම්භීර වූ හුදෙකලාව කෙරෙහි ඇලුම් ඇති බව ප්‍රකට කරුණකි. උන්වහන්සේ ශ්‍රී ලංකාවේ ගණ වනාන්තරවල, ගල් ගුහාවල මෙන්ම අතිදුෂ්කර වූ හිමාල කඳුවැටියේ ප්‍රදේශයන්හි ද විස්මයජනක අත්දැකීම් ලබමින් භාවනානුයෝගීව වසර ගණන් කල් ගත කළහ.