තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මූලික ඉගැන්වීම් (සූත්‍රගත දේශනා) ජනගත කිරීම සහ භාවනානුයෝගීන්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවේ අත්තනගල්ල දුනු මාල ප්‍රදේශයේ මනරම් ස්ථානයක පිහිටි, ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි උපදේශකයාණන් වහන්සේ ලෙස කටයුතු කිරීමට ලද ආරාධනාව පිළිගත් බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේ විසින් මෙම කර්තව්‍ය සාර්ථකව ඉටුකර ගැනීම උදෙසා ශ්‍රී සම්බුද්ධ මෙහෙවර පුණ්‍ය භාරය පිහිටුවීමට 2017 වසරේදී අවසර දෙන ලදී.

ශ්‍රී සම්බුද්ධ මෙහෙවර පුණ්‍ය භාරයේ අරමුණු වන්නේ:

  1. බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම.
  2. ථෙරවාද පාලි ත්‍රිපිටකයේ ඇතුළත් සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල ඉගැන්වීම් ආරක්ෂා කිරීම සහ ජනගත කිරීම.
  3. බෞද්ධ භාවනා ක්‍රම ජනගත කිරීම.
  4. භාවනාව ඉගැන්වීම සහ භාවනා පුහුණුවට රුකුලක් දෙන භාවනා වැඩසටහන්, කඳවුරු සහ ඒ හා සමාන ක්‍රියාකාරකම් සංවිධානය කිරීම.
  5. බෞද්ධ අධ්‍යයන, අධ්‍යාපනය සහ පර්යේෂණ – ප්‍රායෝගික පුහුණුව සමග ඒකාබද්ධ කිරීම ප්‍රවර්ධනය කිරීම හා එහි දියුණුව සඳහා ක්‍රියා කිරීම.
  6. ජාත්‍යන්තරව සම්බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රචාරය කිරීම.
  7. සම්බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කරන සංඝයා වහන්සේලාට උපකාර කිරීම.
  8. ථෙරවාද බෞද්ධ ඉගැන්වීම් සහ ඒ හා සම්බන්ධ විෂයයන් වලට අදාල පොත්පත් ප්‍රකාශයට පත් කිරීම.
  9. මහා සංඝරත්නයේ සුභසාධනයට සහාය වීම.
  10. සුදුසු අවස්ථාවන්වලදී දුප්පතුන්, අසරණයන් සහ විපතට පත් ජනතාවට පිහිට වීම.

පූජ්‍ය බම්බලපිටියේ ඤාණාලෝක හිමියන්ගේ මෙම උතුම් සාසනික සේවාවට රුකුලක් වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට කැමති නම් අප හා එක්වන්න.